හැමදේම English වලින් කියවන්න එන්න මගේ අනිත් Site එකට, ගොඩාක් සතුටෙන් මම ආරාධනය කරනව මගේ යාලුවො හැමෝටම

Please come to my other web page to read in English and Sinhala each and every document, you are welcome my dear friends

Thursday, May 31, 2012

Pen එකෙන් එන Virus වලින් බේරෙන්න ක්‍රමයක්



හැමදාම මම වයිරස් ගැන මොනවා හරි දානවනේ, අද දාන්න යන්නේ වයිරස් වලින් බේරෙන ක්‍රමයක් ගැනයි, සාමාන්‍යයෙන් අපිට තියන ලොකුම වදයක් තමයි අපේ Pen එකෙන් වයිරස් අපේ පරිගණකයට එන එක, හැමොම හිතන් ඉන්නේ සුපිරි වයිරස්ගාර්ඩ් එකක් තිබ්බනම් බය වෙන්න දෙයක් නෑ කියලයි, ඒත් ඇත්ත ඒක නෙමෙයි, වයිරස් ගාර්ඩ් වලින් අල්ලන්න බැරි වයිරස් තියෙනවා, දවසකට අලුතෙන් වයිරස් 250ක් විතර අලුතෙන් එකතු වෙනවලු, මට එකේ ගාණ හරියට මතකනම් නෑ, ඒත් හැමදාම ගොඩක් වයිරස් අපේ ලෝකෙට මුදා හරිද්දි ඒ ඔක්කම අප්ඩෙට් වෙන්නෙ නෑ එක දවසෙන් අපේ වයිරස් ගාර්ඩ් එකට, ඉතින් කොච්චර ස්කෑන් කරත් වැඩක් වෙන්නේ නෑ සමහර වයිරස් වලට, ඉතින් විසදුම මේකයි, මම මේ කියන විදිහට කරන්න,
Pen එක හැමෝටම දීල ගෙදර ගෙනත් එක පාරම ඔයගේ කම්පියුටර් එකට ගහන්න එපා, හැමදේටම කලින් මේ විදිහට කරන්න, ඔයාලා දන්නවනේ අපේ Key Board එකේ තියනව Start කියල Button එකක් (Win Key එක), හරි ඔයා පෙන් එක ගහන්න කලින් ඒ Start Button එකයි Key board එකේ L button එකයි දෙකම එකට Press කරන්න,
Start+L

දැන් Log off වෙයි, දැන් ඔයාගේ Pen එක ගහන්න, ප්‍රශ්ණයක් නෑ, ඊට පස්සේ තප්පර 5ක් 10ක් විතර පොඩ්ඩක් වෙලා ඉන්න, මෙහෙම කරාම Auto Run වැඩ කරන්නේ නෑ, Auto run වැඩ කරන්නේ නැති වෙන්න හදල තියෙන්නේ මම දන්න තරමින් Avast Virus Guard එක විතරයි, ඉතින් ඒක නිසා මෙහෙම කරන එක වැඩි ආරක්ෂාවත් එක්ක හොදයිනේ,
දැන් ආයෙත් Log වෙන්න,
දැන් My Computerගිහින් එක පාරටම Pen එක Open කරන්න හදන්න එපා, එහෙම උනොත් Auto Run තියනවනම් Open වෙලා අපේ Computer එකට වයිරස් Attack කරන්න පුලුවන්, කැමතිනම් ඔයගේ වයිරස් ගාර්ඩ් එකෙන් පොඩි Scan පාරක් දාන්න, දැන් වයිරස් තිබ්බොත් ඒවා වයිරස් ගාර්ඩ් එකෙන්ම අයින් කරන්න,
දැන් My Computer Open කර ගන්න, දැන් ඔයාට තියෙන්නේ මේ ක්‍රමය පොඩ්ඩක් බලන්නයි
Side එකේ පහල ඔයගේ Pen එක පෙන්නනව නේද? එතන Click කරන්න, Pen එක Open වෙයි, පහල තියන එකේ වගේම එතන Pen එක පෙන්නන තැන Click කරන්න, Auto run වැඩ කරන්නේ නෑ, බය වෙන්න දෙයක් නෑ,

Windows XP තියන අයට මේ Explorer එක Open කර ගන්න Folder Mark එක Click කරාම එනවා, උඩ තියනව ඒක පොඩ්ඩක් බලන්නකො, අනිත් එක එහෙම නැත්තම් Address Bar එක Click කරල එතනින් එන ලිස්ට් එකෙන් Pen එක Select කරානම් ඒත් හරි,


මෙහෙම දෙයක් තියනව, Pen එකෙ Auto run විතරයි වැඩ කරන්නේ නැත්තේ, එත් Pen එකේ වයිරස් තියෙන්න පුලුවන්, එවත් අල්ලන්න ක්‍රම තියනව,
හරි ඒකට මෙහෙම කරන්න ඕනේ
ඔයාගේ OS එක Windows7 නම් මෙහෙම කරන්න
Organize ---> Folder and Search Option ---> View



දැන් මෙතනින් 1 කියල මම දීල තියන තැනට ටික් එකක් දාන්න, ඒ කියන්නේ Show hidden files. folders, or drives  තැන Click කරන්න
මෙන්න මේ 2 කියල මම දීල තියන සෙට් දෙකේ ටික් අයින් කරන්න
ඔයාගේ OS එක Windows XPනම් මෙහෙම කරන්න
Tools ---> Folder Option ---> View
දැන් මෙතනින් 1 කියල මම දීල තියන තැනට ටික් එකක් දාන්න, ඒ කියන්නේ Show hidden files. folders, or drives  තැන Click කරන්න
මෙන්න මේ 2 කියල මම දීල තියන සෙට් දෙකේ ටික් අයින් කරන්න

Apply කරල OK කරන්න,
දැන් සිස්ටම් ෆයිල් විදිහට තිබුණ ඕනෙම ෆයිල් එකක් පෙන්නයි, ඔන්න Auto run එකක් Pen එක ඇතුලෙ තියනවනම් දැන් බලා ගන්න පුලුවන්, Hidden කරපු Virus ඔක්කමත් ඔන්න පෙන්නයි, ඔයාල දන්නවද සමහර වයිරස් තියනව අපේ Pen එකේ ෆොල්ඩර් Hidden කරලා වයිරස් ෆොල්ඩර්  අපේ තිබුණ ෆොල්ඩර් නමින් හදනවා, ඉතින් අපි දන්නෙ නැතුව Double Click කලොත් අපේ Computer එකට ඒ Virus එක Attack කරනව නිකම්ම, කොහොමද අපි මේවා හොයා ගන්නේ, හරිම ලේසි, කවදාවත් Folder එකකට Extension එකක් නෑ, එහෙනම් ඒ Virus එකක්,  ඉතින් මෙහෙම ඒවට එකක් තියනවනේ ඔන්න හොයා ගන්න එක ක්‍රමයක්,
තව මෙහෙම තියනවනම් ඒවත් වයිරස් වෙන්න පුලුවන් ගොඩාක් දුරට,
.BAT .EXE .SCR මේ වගේ ඒවා,
ඉතින් දන්නෙ නැති ඕනෙම File එකක් Delete කරල දාල ඔයාට වලින් බේරෙන්න පුලුවන් දැන් කිසිම ප්‍රශ්ණයක් නැතුවම, ගොඩාක් මහන්සි වෙලා මේක ලිවුවේ, ඔයාල දෙයක් ගත්තනම් ලොකු දෙයක්, මේක වරදින්න විදිහක් නෑ කොහොමටවත්ම, ආයෙත් Pen වලින් කරදරයක් නෑ ඔන්න,
ප.ලි.
තවත් දෙයක් මතක් කරල C partition එකේ මොනවත්ම Delete කරන්න නම් එපා, ඒකේ තියෙන්නේ වයිරස් නෙමෙයි, අනිත් කාරණය තමයි සමහරවිට Hidden File පෙන්නන්නෙ නැතිවේයි, ඒ ඔයාගේ Computer එකට දැනටමත් වයිරස් Attack කරල නිසයි, ඒකට හොදම විසඩුම ඔයාගේ Computer එක Format කරල දාන එකයි
~~esh~~



No comments:

Post a Comment