හැමදේම English වලින් කියවන්න එන්න මගේ අනිත් Site එකට, ගොඩාක් සතුටෙන් මම ආරාධනය කරනව මගේ යාලුවො හැමෝටම

Please come to my other web page to read in English and Sinhala each and every document, you are welcome my dear friends

Monday, June 4, 2012

පොඩි චැලේන්ජ් එකක්



ඔන්න මම පොඩි චැලේන්ජ් එකක් ගෙනාවා, මේක දන්නේ නැති ගොඩක් අය ඉන්නව කියල මට හිතුන නිසයි දැම්මේ, අමාරු දෙයක් නෙමේ, ගොඩක් ලොකු දෙයකුත් නෙමෙයි, මේ චැලෙන්ජ් එක මගෙන් කිවුවට මේකෙ නියම අයිතිකාරයා තමයි මයික්රොසොෆ්ට් එකේ අයිතිකාර මහත්තයා බිල් ගේස්ට්, මම ඊයේ කොනෑන් ෆිල්ම් එක මගේ ෆිල්ම් කලේක්ෂන් එකට දාන්න යද්දි කම්මැලිකම නිසා ෂොර්ට් ඇන් ස්වීට් කියල Con කියල ෆොල්ඩර් එකට නම දුන්න, ඒත් ඒක කරන්න බැරි උනා,  මට හිතා ගන්න බැරි උනා, මම බැලුව නමින් එකෙන් තව ෆෝල්ඩර් තියනවද කියල, එහෙම තිබුනෙත් නැහැ, ඊට පස්සෙ මම පොඩ්ඩක් හොයද්දි තවත් වගෙම නම් සෙට් එකක්ම ලැබුණ,මම මේක කරන්න ඩොස් වලිනුත් try කරා, ඒත් බැරි උනා, මෙන්න මේවා හදන්න පුලුවන්ද කියල ඔයාලත් try කරල බලන්නකො, පුලුවන් උනොත් මටත් කියන්න යාළුවනේ. මේවා System files නිසා තවත් ඒව හදන්න බෑ (හදන්න දෙන්නේ නෑ) කියල තමයි කියන්නේ, ඒ උනාට බෑ කියපුව අපේ අයියල කොච්චර කරල තියනවද? අපේ කොල්ලො ඉන්නව වැඩ්ඩො ඔනේ තරම්
CON, PRN, AUX, NUL, COM1, COM2, COM3, COM4, COM5,
COM6, COM7, COM8, COM9, LPT1, LPT2, LPT3, LPT4, LPT5, LPT6, LPT7, LPT8, LPT9


~~esh~~

No comments:

Post a Comment