හැමදේම English වලින් කියවන්න එන්න මගේ අනිත් Site එකට, ගොඩාක් සතුටෙන් මම ආරාධනය කරනව මගේ යාලුවො හැමෝටම

Please come to my other web page to read in English and Sinhala each and every document, you are welcome my dear friends

Monday, June 4, 2012

පොඩි චැලේන්ජ් එකක්



ඔන්න මම පොඩි චැලේන්ජ් එකක් ගෙනාවා, මේක දන්නේ නැති ගොඩක් අය ඉන්නව කියල මට හිතුන නිසයි දැම්මේ, අමාරු දෙයක් නෙමේ, ගොඩක් ලොකු දෙයකුත් නෙමෙයි, මේ චැලෙන්ජ් එක මගෙන් කිවුවට මේකෙ නියම අයිතිකාරයා තමයි මයික්රොසොෆ්ට් එකේ අයිතිකාර මහත්තයා බිල් ගේස්ට්, මම ඊයේ කොනෑන් ෆිල්ම් එක මගේ ෆිල්ම් කලේක්ෂන් එකට දාන්න යද්දි කම්මැලිකම නිසා ෂොර්ට් ඇන් ස්වීට් කියල Con කියල ෆොල්ඩර් එකට නම දුන්න, ඒත් ඒක කරන්න බැරි උනා,  මට හිතා ගන්න බැරි උනා, මම බැලුව නමින් එකෙන් තව ෆෝල්ඩර් තියනවද කියල, එහෙම තිබුනෙත් නැහැ, ඊට පස්සෙ මම පොඩ්ඩක් හොයද්දි තවත් වගෙම නම් සෙට් එකක්ම ලැබුණ,මම මේක කරන්න ඩොස් වලිනුත් try කරා, ඒත් බැරි උනා, මෙන්න මේවා හදන්න පුලුවන්ද කියල ඔයාලත් try කරල බලන්නකො, පුලුවන් උනොත් මටත් කියන්න යාළුවනේ. මේවා System files නිසා තවත් ඒව හදන්න බෑ (හදන්න දෙන්නේ නෑ) කියල තමයි කියන්නේ, ඒ උනාට බෑ කියපුව අපේ අයියල කොච්චර කරල තියනවද? අපේ කොල්ලො ඉන්නව වැඩ්ඩො ඔනේ තරම්
CON, PRN, AUX, NUL, COM1, COM2, COM3, COM4, COM5,
COM6, COM7, COM8, COM9, LPT1, LPT2, LPT3, LPT4, LPT5, LPT6, LPT7, LPT8, LPT9


~~esh~~

Thursday, May 31, 2012

අපි අයෙත් අපේ යාළුවා බය කරමුද?


ඔන්න යාළුවනේ මම අද ගෙනාව පොඩිම පොඩි trick එකක්, මේකෙන් ඔයාගේ යාළුවෙක් බයකරන්න පුලුවන් ලේසියෙන්ම, මේකත් ඇත්තටම ගොඩක් අය දන්නව ඇති, නොදන්න එක්කෙනෙක් හරි මේක දැන ගන්න එකයි මට තියන සතුට, ඒකයි මම මේක දැම්මේ, වැඩි කතා ඕනෙ නෑ, මම කරන්න ඕනදේ දාන්නම්, මුලින්ම මේ පහල තියන Code එක copy  කර ගන්නකො


%windir%\system32\shutdown.exe -r -t 00

දැන් Desktop එකේ Shortcut එකක් උඩ Right Click කරල Properties ගන්න


දැන් පහල තියන Target කියන තැන Paste කරන්න, දැන් apply කරල OK කරන්න

හරි මේ ටික විතරයි කරන්න තියෙන්නේ, දැන් මේක Double click කරන්න එහෙම එපා, මේකෙන් වෙන්නේ Computer එක Restart වෙන එකයි,
යාළුවෙක්ට මේ විදිහට කරනවනම් එයා වැඩිපුරම පාවිච්චි කරන එකට මෙහෙම කරන්න, අනිවාර්යෙන් කොල්ලා බයවෙනව, බයවෙලා සමහරවිට හොයා ගන්න ක්‍රමයක් නැතුව ගොඩාක් වෙලා දගලයි, එකක් කියල හිතයි මේක දන්නේ නැති කෙනෙක්නම්, ඉතින් Try කරලම බලන්නකො එහෙනම් යාළුවනේ, කිසිම ප්‍රශ්ණයක් නෑ

~~esh~~

RAM එක වැඩි කර ගමුද ගේමක් නැතුවම?


ඔන්න යාළුවනේ ඔයාලට මම කියන්න හදනදේ ගොඩක් වැදගත් වෙන්නේ හැම වෙලාවෙම RAM එක මදි වෙලා කෑ ගහන අයටයි , Windows7 දාගන්න බැරිව ඉන්න අයටත් ගොඩක් වැදගත් , කොහොමත් RAM  එක අඩු අයට මේක ගොඩක් වටිනවා, ඉතින් මේක පොඩි වැඩක්, මෙහෙම කරන්න, RAM එක 4GB තියන අයට මේක උවමනා වෙන්නේ නෑ, අනිත් අයට ගොඩාක් ඕනේ වේවි, වැඩ්ඩො මේක දැක්කම හිනා වෙයි, ඒත් මේක නොදන්න ගොඩාක් අය ඉන්නවා, අඩුම තරමේ Auto Run එකක්වත් හදා ගන්න දන්නේ නැති අය ඉන්නව, ඒ අයටයි මේක
  1. මුලින්ම My Computer උඩ right click කරලා  properties යන්න
  2. ඊලගට system Protection කියන එක click කරන්න, එතන system Protection යටතේ තියන Advanced කියන එක click කරන්න 
3. එතන තියන performance කියන තැන settings click කරන්න

4. Visual effects යටතේ තියන Custom: කියන එක tick එක කරන්න, ඊට පස්සේ Advanced කියන එක click කරන්න 
5. Advanced වල පහල තියනව virtual memory කියල එකක් එතන තියෙන change එක click කරන්න
 6. Change එක click කරාට පස්සේ උඩම තියන Automatically manage paging  file size for all drives කියන එකේ තියන ටික් tick එක අයින් කරන්න
7. දැන් යාලුවනේ ඔයාලගෙ hard එක Partition කරල තියන විදිහ පහල තියන කො‍ටුව ඇත්ලේ පෙන්නයි

8. මෙතනදි"C" එක (C Partiton)  නැතුව ඔයාලගෙ Hard එකේ free memory එක වැඩි පුරම තියන Partition එක click කරන්න, ඊට පස්සේ පහල තියෙන Customize: කියන එකේ තියන එකට ටික් tick එක දෙන්න.  දැන් Initial size (MB) කියන එකයි Maximum size (MB) කියන දෙකටම 3000 කියල Type කරල set click කරල OK කරන්න.දැන් apply කරල restrat කරල බලන්න, ලොකු වෙනසක් තේරෙයි, දැන් Windows7 උනත් දා ගන්න පුලුවන් 256RAM  තිබ්බත්,~~esh~~

Internet Expolorer අයින් කරලා දාන්න ඕනෙද?

 

ඔන්න යාළුවනේ අපිට සාමාන්‍යයෙන් Internet Explorer ඕනේ වෙන්නේම නෑනේ, අයේ අපිට ගිනි නරියයි, ගූගල් ක්‍රෝම් එකෙනුයි තොර ලෝකයක් නෑනේ, මේව මොකටද නේද යාලුවනේ
ඉතින් ඔයාට ඕනෙනම් මේක අයින් කරලා දාන්න පුලුවන්,ඔන්න ඔනේ නෑ කියල හිතෙනවනම් මෙහෙම කරන්න, ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක්, මම මේ කියල තියන විදිහට කරන්න, මමනම් ඒ මල වදය අයින් කරලයි තියෙන්නේ, වැඩක් නැත්තම් නිකන් තියන් ඉන්නේ මොකටද හේ හේ, එහෙනම් අපි දැන් මේක uninstall කරල දාමු.
I. control panel එක Open කරන්න.
II. දැන් යන්න Program and Features වලට.
III. වම් Sideතියනවා " Turn Windows features on or off "  Click කරන්න.
( Turn Windows features on or off හොයා ගන්න බැරිද? එහෙනම් බලන්න දකුණු පැත්තේ උඩම ඇති View by Category කියල තැනක්, එතනට Large Icons කියල දෙන්න, දැන් බලන්න පොඩ්ඩක්, තියෙනව නේද?
IV. Windows Features screen එකේ තියනවා Internet Explorer 8 කියලා තැනක් check box එක unchecked කරන්න.uncheck කරද්දී box එකක් එයි ඒක Yes කරන්න දැන් OK කරන්න.
V. පොඩි වෙලාවක් යයි, ටිකක් බලන් ඉන්න, ගොඩක් වෙලා යන්නේ නෑ, මටනම් ගියේ තප්පර 15ක් විතරයි
V. දැන් Restart කරන්න. වැඩේ ගොඩේ ගොඩ ඔන්න
ඔන්න එතනින් එහාට මේ මල කරදරේ නැහැ
~~esh~~

Black list වැදුන Windows අපිම Genuine කරමු


අනේ මෙන්න මගෙ  Windows Black list වැදිලා හේ ඔහොම වෙලා ගොඩක් අය කෑ ගහනව, ඇයි මෙහෙම වෙන්නේ? දන්නවද ඔයගෙ Windows Updateවෙන නිසයි මේක වෙන්නේ, අපි වගේ පොඩි මිනිස්සුන්ට කොහෙද ඔරිජිනල් වින්ඩොස් ගන්න සල්ලි, ඒකනේ මෙහෙම වෙන්නේ, සල්ලි තියනවනම් අපිත් ආසයිනේ සල්ලි දීලා ගන්න,
ඔයාගේ එකේ KB971033 කියන File එක update වෙලා තියනවා,
දෑන් මොකද අපි මේකට කරන්නේ, මම ගාව පොඩි විසදුමක් තියනවා, අපි අර update  උන File එක uninstall කරමු, එතකොට හරි,

අපි මේක මෙහෙම කරමු එහෙනම් , පොඩි වැඩක් යාලුවනේ
  • Control Panel එක open කරන්න..
  • Programs and Features කියන එක select කරන්න
  • Installed Updates select කරන්න
  • KB971033 කියල update 1k list එකේ තියෙනවද බලන්න
  • තියනවනම් ඒක click  කරල Uninstall කරන්න.
  1. Run box එක open කරන්න (Windows key + R),
  2. regedit.exe කියල type කරල enter කරන්න
  3. F3 ඔබල එන find එකේ  WGALOGON කියල Type කරන්න
  4. WGALOGON folder එක  Delete කරන්න
  5. Close the registry editor
  6. WgaTray කියන file එක system 32 folder එකෙන් විතරක් නෙමේ dll cache folder එකෙත් delete කරන්න
  7.  දැන් Computer එක Restart කරන්න,
දැන් ආයෙත් Crack එකක් Use කරල Windows Genuine කරගන්න පුලුවන් ඔයාලට මේක හොදින් මතක තියාගන්න ආයෙත් windows update කරන්න දෙන්න එපා ඒක Disable කරන්න හරිද?  දැන් ඔන්න  හේ හේ
~~esh~~

Crack,Serial හොයන්න ලේසිම ක්‍රමයක්

හැමදාම හැමෝටම තියන ප්‍රශ්ණයක් තමයි Crack හරි Serial or Keygen හොයා ගන්නේ කොහොමද කියල, Game එකක් Software එකක් Download කරාම වැඩ කරන්නෙ නෑ, Serial numbers ඉල්ලනවා, ඉතින් මේකට විසදුම තමයි Crack හරි Serial Keygen Download කර ගන්න එක , ඒක ලොකු ප්‍රශ්නයක් හැමොටම, ඒක පුදුම අමාරු එපාම කරපු වැඩක් හැටියටයි හැමොම දකින්නේ, ඒත් ඒ හරියට මේ ගැන දන්නේ නැති නිසයි, අපිට Crack හරි Serial හරි ලේසියෙන්ම හොයන්න ක්‍රමයක් තියනව, පොඩිම පොඩි වැඩක් මේක, Try කරල බලන්නකො මේක කරන්නෙ මෙහෙමයි,
Search කරන්න ඕනේ එකට කලින් 94fbr කියල Type කරල පස්සේ ඔයාට ඕනෙ කරන Soft/Game එකේ නම type කරන්න, දැන් Search පාරක් දෙන්න, දැන් ඕනෙ තරම් Crack, Serial , Keygen එයි
උදාහරණයක් මෙන්න
Search කරන තැන මෙහෙම Type කරන්න -: 94fbr GTAIV
දැන් Search පාරක් දෙන්න
ඔන්න කිසිම ප්‍රශ්ණයක් නෑ වැඩේ ගොඩ, ඕනෙම Keygen එකක් හරි Serial එකක් හරි Crack එකක් හරි මෙහෙම හොයා ගන්න පුලුවන්, දැන් ඔන්න කාගෙන්වත් අහන්න ඕනේ වෙන්නේ නෑ, ඔයාටම වැඩ්ඩා වෙන්නපුලුවන් හැමෝම ඉස්සරහ, අයෙත් වදයකුත් නෑ හොයන්න, හොදයි නේද යාලුවනේ?
~~esh~~


Pen එකෙන් එන Virus වලින් බේරෙන්න ක්‍රමයක්



හැමදාම මම වයිරස් ගැන මොනවා හරි දානවනේ, අද දාන්න යන්නේ වයිරස් වලින් බේරෙන ක්‍රමයක් ගැනයි, සාමාන්‍යයෙන් අපිට තියන ලොකුම වදයක් තමයි අපේ Pen එකෙන් වයිරස් අපේ පරිගණකයට එන එක, හැමොම හිතන් ඉන්නේ සුපිරි වයිරස්ගාර්ඩ් එකක් තිබ්බනම් බය වෙන්න දෙයක් නෑ කියලයි, ඒත් ඇත්ත ඒක නෙමෙයි, වයිරස් ගාර්ඩ් වලින් අල්ලන්න බැරි වයිරස් තියෙනවා, දවසකට අලුතෙන් වයිරස් 250ක් විතර අලුතෙන් එකතු වෙනවලු, මට එකේ ගාණ හරියට මතකනම් නෑ, ඒත් හැමදාම ගොඩක් වයිරස් අපේ ලෝකෙට මුදා හරිද්දි ඒ ඔක්කම අප්ඩෙට් වෙන්නෙ නෑ එක දවසෙන් අපේ වයිරස් ගාර්ඩ් එකට, ඉතින් කොච්චර ස්කෑන් කරත් වැඩක් වෙන්නේ නෑ සමහර වයිරස් වලට, ඉතින් විසදුම මේකයි, මම මේ කියන විදිහට කරන්න,
Pen එක හැමෝටම දීල ගෙදර ගෙනත් එක පාරම ඔයගේ කම්පියුටර් එකට ගහන්න එපා, හැමදේටම කලින් මේ විදිහට කරන්න, ඔයාලා දන්නවනේ අපේ Key Board එකේ තියනව Start කියල Button එකක් (Win Key එක), හරි ඔයා පෙන් එක ගහන්න කලින් ඒ Start Button එකයි Key board එකේ L button එකයි දෙකම එකට Press කරන්න,
Start+L

දැන් Log off වෙයි, දැන් ඔයාගේ Pen එක ගහන්න, ප්‍රශ්ණයක් නෑ, ඊට පස්සේ තප්පර 5ක් 10ක් විතර පොඩ්ඩක් වෙලා ඉන්න, මෙහෙම කරාම Auto Run වැඩ කරන්නේ නෑ, Auto run වැඩ කරන්නේ නැති වෙන්න හදල තියෙන්නේ මම දන්න තරමින් Avast Virus Guard එක විතරයි, ඉතින් ඒක නිසා මෙහෙම කරන එක වැඩි ආරක්ෂාවත් එක්ක හොදයිනේ,
දැන් ආයෙත් Log වෙන්න,
දැන් My Computerගිහින් එක පාරටම Pen එක Open කරන්න හදන්න එපා, එහෙම උනොත් Auto Run තියනවනම් Open වෙලා අපේ Computer එකට වයිරස් Attack කරන්න පුලුවන්, කැමතිනම් ඔයගේ වයිරස් ගාර්ඩ් එකෙන් පොඩි Scan පාරක් දාන්න, දැන් වයිරස් තිබ්බොත් ඒවා වයිරස් ගාර්ඩ් එකෙන්ම අයින් කරන්න,
දැන් My Computer Open කර ගන්න, දැන් ඔයාට තියෙන්නේ මේ ක්‍රමය පොඩ්ඩක් බලන්නයි
Side එකේ පහල ඔයගේ Pen එක පෙන්නනව නේද? එතන Click කරන්න, Pen එක Open වෙයි, පහල තියන එකේ වගේම එතන Pen එක පෙන්නන තැන Click කරන්න, Auto run වැඩ කරන්නේ නෑ, බය වෙන්න දෙයක් නෑ,

Windows XP තියන අයට මේ Explorer එක Open කර ගන්න Folder Mark එක Click කරාම එනවා, උඩ තියනව ඒක පොඩ්ඩක් බලන්නකො, අනිත් එක එහෙම නැත්තම් Address Bar එක Click කරල එතනින් එන ලිස්ට් එකෙන් Pen එක Select කරානම් ඒත් හරි,


මෙහෙම දෙයක් තියනව, Pen එකෙ Auto run විතරයි වැඩ කරන්නේ නැත්තේ, එත් Pen එකේ වයිරස් තියෙන්න පුලුවන්, එවත් අල්ලන්න ක්‍රම තියනව,
හරි ඒකට මෙහෙම කරන්න ඕනේ
ඔයාගේ OS එක Windows7 නම් මෙහෙම කරන්න
Organize ---> Folder and Search Option ---> View



දැන් මෙතනින් 1 කියල මම දීල තියන තැනට ටික් එකක් දාන්න, ඒ කියන්නේ Show hidden files. folders, or drives  තැන Click කරන්න
මෙන්න මේ 2 කියල මම දීල තියන සෙට් දෙකේ ටික් අයින් කරන්න
ඔයාගේ OS එක Windows XPනම් මෙහෙම කරන්න
Tools ---> Folder Option ---> View
දැන් මෙතනින් 1 කියල මම දීල තියන තැනට ටික් එකක් දාන්න, ඒ කියන්නේ Show hidden files. folders, or drives  තැන Click කරන්න
මෙන්න මේ 2 කියල මම දීල තියන සෙට් දෙකේ ටික් අයින් කරන්න

Apply කරල OK කරන්න,
දැන් සිස්ටම් ෆයිල් විදිහට තිබුණ ඕනෙම ෆයිල් එකක් පෙන්නයි, ඔන්න Auto run එකක් Pen එක ඇතුලෙ තියනවනම් දැන් බලා ගන්න පුලුවන්, Hidden කරපු Virus ඔක්කමත් ඔන්න පෙන්නයි, ඔයාල දන්නවද සමහර වයිරස් තියනව අපේ Pen එකේ ෆොල්ඩර් Hidden කරලා වයිරස් ෆොල්ඩර්  අපේ තිබුණ ෆොල්ඩර් නමින් හදනවා, ඉතින් අපි දන්නෙ නැතුව Double Click කලොත් අපේ Computer එකට ඒ Virus එක Attack කරනව නිකම්ම, කොහොමද අපි මේවා හොයා ගන්නේ, හරිම ලේසි, කවදාවත් Folder එකකට Extension එකක් නෑ, එහෙනම් ඒ Virus එකක්,  ඉතින් මෙහෙම ඒවට එකක් තියනවනේ ඔන්න හොයා ගන්න එක ක්‍රමයක්,
තව මෙහෙම තියනවනම් ඒවත් වයිරස් වෙන්න පුලුවන් ගොඩාක් දුරට,
.BAT .EXE .SCR මේ වගේ ඒවා,
ඉතින් දන්නෙ නැති ඕනෙම File එකක් Delete කරල දාල ඔයාට වලින් බේරෙන්න පුලුවන් දැන් කිසිම ප්‍රශ්ණයක් නැතුවම, ගොඩාක් මහන්සි වෙලා මේක ලිවුවේ, ඔයාල දෙයක් ගත්තනම් ලොකු දෙයක්, මේක වරදින්න විදිහක් නෑ කොහොමටවත්ම, ආයෙත් Pen වලින් කරදරයක් නෑ ඔන්න,
ප.ලි.
තවත් දෙයක් මතක් කරල C partition එකේ මොනවත්ම Delete කරන්න නම් එපා, ඒකේ තියෙන්නේ වයිරස් නෙමෙයි, අනිත් කාරණය තමයි සමහරවිට Hidden File පෙන්නන්නෙ නැතිවේයි, ඒ ඔයාගේ Computer එකට දැනටමත් වයිරස් Attack කරල නිසයි, ඒකට හොදම විසඩුම ඔයාගේ Computer එක Format කරල දාන එකයි
~~esh~~